Friday, December 21, 2012

ලෝකවිනාසේ අද නෙවේ - ජනවාරි මාසේ අන්තිමට



මේ කතාව මම ඇහුවේ ඊයෙ හවස (20 වෙනිදා). වැඩ ඇරිලා ගෙදර යන ගමන් ලෝකවිනාසේට කලින් කාර් කවුවට පැස්ටෝල් ටිකක් එහෙම  ගහගෙන (හුටා එතකොට තමයි  ලෝකවිනාසේ  වෙලාකියල දැනගත්තේ, පැස්ටෝල් ගණන් ගිහින්...) සුපර් මාර්කට් එකට ගියා මාරයාගේ ලෝකවිනාශ ලැයිස්තුවේ බඩු ටික ගන්න කියලා. ඔන්න මේ වෙලේ කොල්ලෝ දෙන්නෙක් කතාවක්, අනුන්ගේ කතා වලට ඇහුන්කන් දෙන එක හොඳ වැඩක් උනේ නැති උනත්, ලෝකවිනාසේ ට කලින් අහන්න ලැබෙන අන්තිම දෙබස වෙන්න පුළුවන් නිසා මම මේකට ටිකක් ඇහුන්කන් දුන්නා.

"කොහෙද මචං ගිහිල්ලා හිටියේ... A/L  ඉවරුනත් හරි උඹව දැක්කේ අද."

"කොහේ යන්නද බං ..එග්සැම් ඉවරඋන ගමන් අම්මාගෙයි තාත්තගෙයි වදේ බැහැ රිවිෂන් පන්ති පල කියල.. දැනුත් මේ පන්ති ඉවරවෙලා එනගමන්... අම්මාට සුපර් මාර්කට් යන්න ඕනේ කීව නිසා තමා මෙහෙ ආවේ "

"අනේ මෝඩ ගොනෝ ... මොන රිවිෂන් පන්තිද? . අද තමයි ලෝකේ අන්තිම දවස.. හෙට ලෝකවිනාසේ වෙනවා"

හුටා .. මටම කියවුනා . මේක වැදගත් දෙබසක් නිසා මගේ ඇන්ටෙනාව ඒ පැත්තට ටිකක් වැඩිපුර සුසර කලා.

"මොන පිස්සුද බං " 

"නැහැ මචෝ අනිවාර්යයෙන් වෙනවා .. හෙටින් පස්සේ මායා වරුන්ගේ කැලැන්ඩරේ ඉවරයි..  අපේ ලෝකේ පැත්තට  විශාල ග්‍රහ වස්තුවක් වේගයෙන් එනවා  ඒක අපේ පෘතුවියේ  වැදිලා ලෝකය විනාශ වෙනවා.....   "

අනේ... අනේ...   නාසා එක මුගේ අප්පච්චිගේද දන්නෙත් නැහැ.  මූ තවත් කියවනවා 

" ඒ විතරක් නෙවේ මචෝ හෙට ග්‍රහලෝක කීපයක් සරල රේඛාවක පිහිටනවා, ඒ නිසා අපිට හිරු එලිය ලැබෙන්නේ නැහැ... තව පෘතුවියේ අක්ෂය මාරු වෙනවා.. එතකොට උතුර දකුර මාරු.. GPS  වැඩ නැහැ ....  ..... ......" (තව ගොඩක් දේවල්)

මේ කියන දේවල් ඇහුණාම මට සාධාරණ සැකයක් ඇති උනා ලෝකය මැවුවා කියන මහා බ්‍රහ්මයා  මුගේ තාත්තා වෙන්න ඇති කියලා. මේ කතා ඔක්කොම අහගෙන හිටපු අනික් කොලුවා බොහොම සාන්ත දාන්ත හඬකින් මෙහෙම කියනවා.

"ඔය මොනවා උනත් හෙට ලෝකවිනාසේ වෙන්නේ නැහැ මචං ... ඒක වෙන්නේ ජනවාරි මාසේ අන්තිමට"

මොනවා... මේකාට නිල්ගල කැලේ තාපසතුමාගේ ආවේසයක් වත් ලැබිලද දන්නේ නැහැ. දැන් මටම නොදැනී මම මුන් දෙන්නා දිහා බලාගෙන ඉන්නවා මේ අලුත්  අනාවැකිය දැනගන්න.

"ඈ.. උඹ කොහොමද එහෙම කියන්නේ"

"ඔව් මචෝ...  ජනවාරි මාසේ අන්තිමට A/L  රිසල්ස් එනවා"

20 comments:

  1. ඔවුනේ ... ජනවාරිනේ ලෝක විනාසේ.. මල මගුල අදම උණානං හරි.. උඹත් එහෙනං මං වගේ වෙවුල වෙවුල ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. මම නං A/L කලේ එකදාස් නවසිය බරගනන්වල කොල්ලෝ, ඒ කාලේ දැන්වගේ නෙවේ, subjects 4ටම ලයිට් කණු ගන්න හරී ලේසි.
      හි.. හික්.. හික් ..

      Delete
    2. හ්........ සොරි ආ........:)

      Delete
    3. මොකද යාන්ත්රිකයෝ සොරි කියන්නේ....... හික් හික්

      Delete
  2. හික්..... අයියෝ අයියෝ......

    අද නම් ඉර වෙනදාටත් වඩා හොදට පායල....... :)
    ලෝකේ විනාස වුනෙත් නැ....අපරාදේ නේ.....හික්......

    ReplyDelete
    Replies
    1. මටත් හරීම දුකයි සමණලියේ, ලෝකවිනා සේ වෙනහැටි ෆොටෝ ටිකක් අල්ලන්න බලාගෙන හිටියේ..

      Delete
  3. අඩේ! මොනවා උනත් මොලේ අති කොලු රත්නයක්!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. ඌ දැන් ම දන්නවා ලයිට් කනු 3ක් තමයි කියලා.

      Delete
  4. එකේ එක්කෙනාට ලෝක විනාසේ දැනෙන විදිය. මොනවත්ම කරදරයක් නැති එවුන් තමයි පිටින් ඇවිත් හරි මොකක් හරි වදින කම් බලා ඉන්නේ.

    ReplyDelete
  5. මගේ පළවෙනි පාර ඒ ලෙවල් රිසල්ට් මතක් උනා. ලයිට් කණු තමයි වැඩිපුර තිබුණේ.

    අද තමයි මේ පැත්තේ ආවේ. හොඳ බ්ලොග් එකක සියලු ලක්ෂණ තියෙනවා මලේ. ඔහොම යමු ...!

    ReplyDelete
    Replies
    1. මගෙත් එහෙමම තමයි ගාමිණි අය්යා. (අය්යා කියුවට තරහවෙන්න එපා, මම වැඩිමල් ද දන්නේ නැහැ. හික්... හික්...)
      ගොඩක් ඉස්තුති.. ඔයාගේ ටැග් ලයින් එක තමයි මේ බ්ලොග් එක ලියන්න මාව පෙළඹු වේ.

      Delete
  6. Replies
    1. ලේන්සුවක් දෙන්නද? මගේ ළඟ ලේන්සු දෙකක් තියෙනවා.

      Delete
  7. ඔන්න ඔය ඉහලෛන් කමෙන්ට් එක දාලා තියෙන ගාමිණී තුමා මට එවලා තිබ්බා මේල් එකක්. ඒකෙ තිබ්බෙ මෙහෙමයි.
    Breaking News.
    End of the world which was scheduled for 2012
    has been postponed to 3012
    due to some technical problem.
    Please cooperate and continue to live with spirit.
    Sorry for the inconvenience.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ මටත් අවා. එත් මම බැලුවා යම රජ්ජුරුවෝ කොහොමද මගේ ෆෝන් නම්බර් එක දන්නේ කියලා.

      Delete
  8. හි... මටත් මැසේජ් එකක් ඇවිත් තිබුණ "ලෝක විනාසෙ කල් ගිහින්... ළඟදීම දවසක බලාපොරොත්තු වන්න" කියල...,

    ReplyDelete
    Replies
    1. අනේ නගෝ, ඔයා මොකටද යම රජ්ජුරුවන්ට ෆෝන් නම්බර් එක දුන්නේ?

      Delete
  9. යකෝ මමයි යමයා. මගෙන් අහන්නේ නැතිව ඒක කල් දැම්මේ මොකාද බොලව්????????? ඔව් ඉතින් රිසල්ට් එනවට වැඩිය ලෝක විනාසේ වෙන එක හොඳයි තමයි.

    ReplyDelete
  10. හැබැයි ඉතින් කලින් පාර ඒ ලෙවල් ලියපු එවුන්ගේ වැඩ තාම ඉවර නැහැනේ...

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...