Wednesday, January 16, 2013

මේ ගසේ බොහෝ...

අපේ ගස්වැල් වල පලදාව ඔක්කොම තනිවම බදාගෙන කන්න  මිනිස්සු පුරුදුවෙලා. මේ වගේ සතෙක්ට ගහක ගෙඩියක් දෙකක් ඉතිරි  කරන්න අපි පුරුදුවෙන්න ඕනේ. ඉස්සර කාලේ මිනිස්සු නම් තමන්ගේ වගාවෙන් වෙනම කොටසක් සත්තුන්ට ඉතිරිකලා.


 
ජම්බු ගහේ ගෙඩි පිරිලා හරිමලස්සනයි
පුංචි ළමෝ ඒ ඔක්කොම කඩාගෙනදුවයි
එක ගෙඩියක රස බලන්න මට හරිආසයි
මටත් එකක් ඉතිරි වෙලා එය බොහෝරසයි
  

8 comments:

  1. ලස්සනයි ඈ... :)
    මේ පැත්තේ නම් ඔක්කොම පලතුරු ගස් ටික එයාලට තමයි දිවුල් ගහ ඇරෙන්න :D

    ReplyDelete
    Replies
    1. ඔය අහිංසක සත්තුන්ට ටිකක් හරි ඉතුරු කරනවානම් බොහොම පින්. මේ ගොල්ල නිසා තමයි පරිසරය ලස්සන වෙන්නේ.

      Delete
  2. ඉස්සර මිනිස්සු වගාවක් කරද්දීත් කුරුළු පාළුව කියලා කොටසක් ඉතුරු කලා ලු! හැබැයි අද ඉතුරු කලාට ඒක කුරුල්ලෙක්ටවත් කන්න බැරි විදිහට වහ!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත මචෝ, ඔක්කොම වහ තමයි දැන් තියෙන්නේ.

      Delete
  3. අපේ ගෙදර තියෙන පලතුරු නම් වැඩි හරියක් කන්නේ සත්තු තමා.....

    මං හිතුවේ ලේනා කන්නේ ලොවි ගෙඩියක් කියල බැලින්නම් ජම්බු ගෙඩියක්.... :)

    ReplyDelete
    Replies
    1. බොහොම පින්. මෙය මගේ කැමරාවට අහු උනේ අපේ ගෙදර ඉස්සරහ තියෙන ජම්බු ගහේ ඉන්නකොට. වෙනදා වගේම ඉතින් ඔය ෆොටෝ එක ගත්තමත් මේ කවිය හිතට අවා.

      Delete
  4. එකක් වත් තිබ්බ එක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලක්මාල්, දැන් ඉන්න උන් බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...