Tuesday, January 22, 2013

පාන් සහ *කා පාන් (18+)



මම මේ ලඟදි දවසක පාන්  ගෙඩියක්  ගන්න ගියා. යකෝ  පාන් ගෙඩිය අතට අරගෙන ගාන අහපුවහම,  *කා පාන්  කිය උනා. ඇයි  යකො මේ බරේ හැටියට තියෙන්න එපායැ මේ මිල. පාන් ගෙඩියේ ගානේ හැටියට නම් මේකේ  උස්සගන්න බැරි තරම් බරක් තියෙන්න ඕනේ . හැබැයි  ඇහුවම කියුවෙ නම් බර ග්‍රෑම්  450ක් කියලා. ඔන්න එතකොට තමයි අර පොඩිකාලේ සෙල්ලම මතක් උනේ 

බර වැඩි යකඩ රාත්තලද පුළුන්  රාත්තලද

ඒ දවස්වලනම් හුටස්  ගාලා උත්තරේ දෙනවා යකඩ රාත්තලද කියලා.  අයි යකෝ ඉතින් යකඩ පුළුන් වලට වඩා  බරයි නේ? පස්සේ තමයි  තේරෙන්නේ, හුටා වැඩේ වැරදුනා, දෙකේම බර එක සමානයි කියලා. 

හැබැයි පුතෝ මේ ග්‍රෑම්  450 හේ පාන් ගෙඩිය ගත්තම මට හිතුනා ඔය පරණ සෙල්ලම අත්හදා බලන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මම පුළුන් ග්‍රෑම් 450 ක් සහ  තරාදියක් හොයාගෙන  මේ විදිහට එක පැත්තකට  පුළුන් ග්‍රෑම් 450ක්  සහ  ග්‍රෑම්  450 හේ පාන් ගෙඩිය අනික් පැත්තට දැම්මා . මල කෙලියයි පාන් ගෙඩිය තියෙන පැත්ත උඩට යනවා හරියට එකේ මිල වගේ. 

වෙන්න බැහැ,  තරාදිය වැරදි ඇති කියලා හිතලා පැති  දෙක මාරු කළා. අර ඉස්කෝලේ යන කාලේ අපි  ඉගෙන ගත්තේ පාලක පරීක්ෂණය කියල දෙයක් අන්න ඒ වගේ, ඒත්  පාන් ගෙඩිය උඩට යනවා. දැන් නම් මට ෂුවර්,   පුළුන් ග්‍රෑම් 450 බර වැඩි බව, ග්‍රෑම්  450 හේ පාන් ගෙඩියට වඩා.

ඔයදේ තේරුණ  ගමන් මට අපහු සැරයක් *කා පාන් කියවුණා.



පසු සටහන :
මට පින්තුරේ  අපේ යාන්ත්‍රිකයාගේ ඇත්තටම බර වැඩි යකඩ ලෝවදපුළුන් කිලෝවද? යන පොස්ට් එකෙන්, ඊට පස්සේ පොඩි එඩිට් පාරක් දැම්මා. Photoshop වලට පින්සිදුවෙවා.!

23 comments:

  1. මං ඒත් බැලුවා මං හැදුව විදියම පොටෝවක් මෙතන කොහොමද කියලා...:)
    මං ලිංක් එක දාන්න ගියේ.. බැලුවම අයිලාෂ් කියෝලනේ...

    ReplyDelete
    Replies
    1. මල්ලී, අපි ගත්ත තැන කියල තමයි ගන්නේ. හික්.. හික්...

      Delete
  2. එළවළු මිළ දැක්කම මොන වගේ එකක්ද කියවෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒවා ඇහුවම ඔය කියපු එකවත් කියවෙන්න නැහැ මචන්.

      Delete
  3. දැන් ඉතින් කේක් වත් කමු බං!

    ReplyDelete
    Replies
    1. "බලන්න හසන්ත අපේ අතීතයේ හිටපු යෝධ පැටවුන්ගේ වැඩ...
      කල්පනා කරන්න හසන්ත, මුන්ට මේ යෝධ බල යෝධ ශක්තිය ලැබුනේ කොහොමද කියලා
      මොනවද මුන් කෑවේ... ? මැල්ලුම් හසන්ත මැල්ලුම් ..
      හැම ගෙදරකම මැල්ලුම් මුටියක් වැරදුනේ නැහැ හසන්ත....."

      ඔය තියෙන්නේ බන් උත්තරේ ... කමු අපි ඔක්කොම දැන් තණකොළ මැල්ලුම්.

      Delete
    2. හික්... අන්න නියම උත්තරේ අයිලාෂ් අයියේ......

      Delete
  4. දැන් ඉතින් අපිට *කා පාන් තමයි. එඩිට් පාරනම් අවුලක් නැහැ එලටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හික්.. හික්...,
      ඔය වලුව්ව පැත්තේ එඩිට් කොරගන්න තියෙන පොටෝ පාර්සල් කොරලා මෙහෙට එවන්ට.

      Delete
  5. ඔය පාංනෙ. චූං පාං කාරයෙක්ගෙන් ඔය මාලු පාං. සීනි සම්බෝල පාං, ජෑම් පාං හෙම ගත්තාම කොහොමද කියන ගනං. පාං කන එක කොච්චර ලාබද කියලා හිතෙනව බං.

    ReplyDelete
    Replies
    1. එකනේ මහත්තයෝ, ඔය නාඩියාට දුන්න රිප්ලයි එක බලන්නකො .. කමු දැන් තණකොළ

      Delete
  6. පු$ පාං........ කාපාං

    ReplyDelete
    Replies
    1. අපේ අප්පච්චියේ... යසිත් කොලුවා නරක් වෙලා තියෙන තරම්.

      Delete
  7. සිරාවට *ක පාන් කියලා නැවතුණ එකත් ලොකු දෙයක් බං..
    මිල ඉහළ යද්දි අපිට ඉස්සරහට කියන්න වෙන්නෙත් ඔවාම තමයි....

    ReplyDelete
    Replies
    1. හෙක්.... හෙක්.... ඕවා මදි මචෝ, මේ දවස්වල අලුත් වචන ටිකක් හොයනවා අනාගතයේදී පාවිච්චි කොරන්න.

      Delete
  8. *කා පාන් තමා සහෝ අපිට මුන් ටික එකතු වෙලා.

    ReplyDelete
    Replies
    1. ආවත් මොකා
      එනඑකා යකා
      මුන් රට කකා
      අපිට *කා

      Delete
  9. Replies
    1. හික්.. හික්...

      දුප්පත් අපි කාපු පාන්
      පොල් සම්බල් එක්ක පාන්
      සල්ලි නැතිව කොහෙන් පාන්
      අපිටත් දැන් *කා පාන්

      ලෙඩ හැදුනම පරළු පාන්
      පොහොසතාට බටර් පාන්
      අනිත් උන්ට රෝස් පාන්
      ඔක්කොටොම *කා පාන්

      Delete
  10. ඉස්සර අපිත් එක්ක හිටියා එකෙක් පුලුන් රාත්තල බර වැඩියි කියපු...මිනිහා අද සුපිරිම ඉංජෙක්...

    ReplyDelete
    Replies
    1. කොහොමත් වෙනස් විදිහට හිතන එකා තමයි ඉදිරියට යන්නේ, සිරා.

      Delete
  11. ඔය වගේ ගණන් සීන් එකක් මටත් වුණා... බිංදුවෙන් බාගෙ අනන්තෙ කියන්නෙ නැතුව බිංදු බාගේ කියල එකම නෝන්ඩියයි...

    අපි නම් පාන් කන්නෙ හරිම කලාතුරකින්....

    ReplyDelete
    Replies
    1. හික්.....
      අපිට කොහොමත් බින්දුව තමයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...