ඡායාරුප ශිල්පය ගැන බොහෝ කාලයකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා. ඒ නිසා අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ Smoke Photography ගැන. Light Painting Photography ගැන මිට කලින් පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති නේ. අමතකනම් ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගෙන එන්න.
අද කියලා දෙන Smoke Photography ක්‍රමය මගින්ද ඉතාම සිත්ගන්නා සුළු ඡායාරුප නිර්මාණය කරගන්න පුළුවන්. මේ සඳහා, ඉතාම සුළු ප්‍රයත්නයකින් ඔබගේ කාමරය studio එකක් බවට සකස් කරගන්නට පුළුවන්.
මේ සඳහා අවශ්‍ය උපකරණ:
- DSLR හෝ බ්‍රිජ් වර්ගයේ කැමරාවක්
- Slave Flash එකක් හෝ Spot Light එකක්
- Flash Trigger එකක් ( Slave Flash එක ක්‍රියාත්මක කිරීම සඳහා)
- Tripod එකක්
- Light Stand එකක් (ෆ්ලෑෂ් එක හෝ ස්පෝට් ලයිට් එක රැදවීමට)
- හඳුන් කුරු සහ රඳවනයක්.
- කළු පහැති පසුබිමක්
පහත දැක්වෙන ඡායාරුප දෙකෙන්, මං තුමා මේ වෙනුවෙන් කැමරා ආම්පන්න අටවාගත් ආකාරය බලන්න.
ඔබගේ ෆ්ලෑෂ් එක හෝ ස්පොට් ලයිට් එකෙන් වස්තුව වෙත ලබාදෙන ආලෝකය පැති ආලෝකයක් ලෙස ලබාදෙන්න. එමෙන්ම පසුබිම වෙත ආලෝකය නොවැටෙන ලෙස ආලෝක ප්‍රභවය සකස් කිරීම ඉතා වැදගත් වන බව සලකන්න. මේ සඳහා, මං තුමා ෆ්ලෑෂ් එක කළු කඩදාසියකින් ආවරණය කර, එක් දිශාවකට පමණක් ආලෝකය ලැබෙන ලෙස සකස් කරගත් ආකාරය පළමු ෆොටෝවෙන් බලන්න.
අනිකුත් වැදගත්ම සාධකය වන්නේ, මෙම කාමරය තුල පවතින පාරිසරික තත්වයයි. කාමරය තුල සුළං ගලායෑම අවම තත්වයක පැවතිය යුතුය. මේ සඳහා විදුලි පංකා, වායු සමීකරණ ආදිය ක්‍රියා විරහිත කරන්න. සියලුම දොර ජනෙල් වසා දමන්න. කාමරය තුල ඇති වාතයේ කැළඹිලි ස්වභාවය ඉතා අවම වූ විට, හඳුන් කූර දල්වන්න. ඉන් ඇතිවන දුම නොයෙකුත් රටා මවන ආකාරය දකින්නට පුළුවන්.
දැන් test shots කීපයක් මගින් අනාවරණය සහ ආලෝකය ලබාදිය යුතු දිශාව තීරණය කරන්න. ඡායාරුප ගැනීමෙන් පසු Photoshop හෝ Light Room මෘදුකාංග භාවිතයෙන් සුළුවශයෙන් සකසාගන්න.
මේ තියෙන්නේ මං තුමා ගත්ත ෆොටෝ කීපයක්. ඕගොල්ලොත් මේ ක්‍රමය අත්හදා බලන්න.