Sunday, April 14, 2013

නෑ...... මහත්තයෝ මම මේ රෙන්ට යන ගමන්


මේ කතාව දැන  ගත්තේ මන් තුමාගේ බප්පොච්චි කෙනෙක් ගෙන්. උන්නැහේ ගුරුවරයෙක්. බොහෝ කාලයකට පෙර රාජකාරි කරලා තියෙන්නේ, අම්පාර කිට්ටුව තිබුන පිටිසර බද ගැමි පාසලක. මෙයාට සැමදාම, නවාතැනේ  සිට පාසැලට දක්වා, ගම මැදින් ටික දුරක් පයින් ගමන් කරන්න සිදුවුනාලු . එසේ යන අතර මගදී හමුවන  ගැමියෙක් සමග වචනයක් දෙකක් කතා කරන්න අපේ කතා නායකයා මැලි  වුනේ නැහැලු .  එක දවසක් දා උදේ, සුපුරුදු පරිදි පාසල් යන විට, බාල්දියක් අතින් ගත් මහලු ගැමියෙකු තමා ඉදිරියට එනු දුටු ඔහු මෙහෙම ඇහුවලු;

 "ආ..... ලොකු උන්නැහේ උදෙන්ම බැරැක් වගේ"

"නෑ...... මහත්තයෝ මම මේ රෙන්ට යන ගමන්"

කියූ ගැමියා කැලය තුලට වහන් වුනාලු.

මේ කතාව මම කීවේ පැරණි ගැමියාගේ අව්‍යාජත්වය මෙන්ම එකිනෙකා හමු වන විට අප අතර ඇති, නිකමට මොනවා හරි කීමේ පුරුද්ද ගෙන හැර දැක්වීමටයි.

මේ වගේ නිකමට කියන කතා කොච්චරනං තියනවද, උදේට කෙනෙක් දැක්ක ගමන් ගූඩ් මොර්නිග් කිවම අනිකත් මෝර්නින්... මෝර්නින්... කියාගෙන යනවා එහෙම කිව්වා කියල ගූඩ් මෝනින් එකක් වෙනවද, ආයිබෝං

ඒවිතරක් යෑ............  ගූඩ් ඉවිනිග්, ගූඩ් නයිට්, හැපී බර්ත්ඩේ ඔය එකක්වත්  කිව්වා කියල එහෙම වෙනවද මන් අහන්නේ, නෑ නොවැ. මේ ඔක්කොම කියනවට කියන කතා තමයි.

ඇයි බන් අලුත්ම එක "විකසිත අනාගතයක්" ඔහොම කිව්වා කියල අනාගතය විකසිත වෙයි යෑ, මේ යන විදිහට කෙලවෙලාම යනවා මිස! ඕවත්  ඉතින් කියනවට කියන කතා තමයි.

ආ එකෙන් මේකෙන් මට අමතක වුනා අලුත් අවුරුද්දකුත් ලැබුවා නේද

සුබ අලුත් අවුරුද්දක් වේවා!


මේක මේ කියනවට කියනවා නෙවෙයි බොක්කෙන්ම කියන්නේ.....

ඔන්  එහෙනම් අපි කිරි උතුරපු හැටි බලා ගන්නකො.



34 comments:

  1. අර ගැමියගේ කතාව නං ටික දොහකට කලිං බ්ලොගක ගියා වෙනියගේ වගේ තමා මතක. ෂුවර් ම නැ කාකේ එකේද කියලා...

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් මම මේක කොමෙන්ට් එකක් විදිහට දැම්මා, මොකේද කියලා මතක නැත.

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. දැං කියන්නෙ සුභ අනාගතයක් කියලා නොවැ... :ඩී

    ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  4. [ma]සුබ අලුත් අවුරුද්දක් වේවා ![/ma]

    ReplyDelete
  5. අයිලාශ් අයියටත් පවුලේ සැමටත් උදාවූ වසර වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!

    ReplyDelete
  6. සුවබර අන්නගතයකට මන්විවරවන සුබ නවවසරක් වේවා..!!!!!!

    ReplyDelete
  7. කිරි ඉතිරෙන හැටි ලස්සනයි.:)

    ඔබ හා පවුලේ හැමෝටම කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. අයිලාශ් අයියටත් පවුලේ සැමටත් සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  10. එසේම වේවා ඕන් :D

    ReplyDelete
  11. දරුමල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
    මම නම් බැලුවෙ නෑ කිරි උතුරපු එක දිහා මට දුක නිසා...

    ReplyDelete
    Replies
    1. මොකද කිරි උතුරන හැටි දැක්කම දුක හිතෙන්නේ?

      Delete
    2. අපිට අවුරුදු කන්න විදිහක් නෑනේ අයියේ.. ඉතින් දුකයි. මම නම් ඉන්ටෙර්නෙට් එකෙන් වත් අවුරුදු වැඩසටහන් බැලුවෙ නෑ

      Delete
    3. ඒ මොකද? කවුරුවත් අවුරුදු කෑම තහනම් කරලා තියෙනවද?

      Delete
  12. සුබ අලුත් අවුරුද්දක් වෙවා අයිලාශ් අයියේ.

    ReplyDelete
  13. ඔබටත්, පවුලේ සැමටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    මේ දර ලිපට ගෑස් ගහලද මෙච්චර ගිණි මැළයක් ගැහුවෙ ?

    ReplyDelete
  15. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියණ්ඩි ට සහ පවුලේ සැමට..!

    ReplyDelete
  16. ශිග්... මේකෙනුත් අර කලින් පෝස්ට් එකේ වගේ ලස්සනට මොනව හරි අඳින්න තිබ්බේ.
    මට මේල් ඇඩ්‍රස් එක දාන්නකෝ අර ෆොටෝ ටික දාන්න.
    කියපු කතාවෙ හැටියට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කියන්නත් බෑ නොකියත් බෑ

    ReplyDelete
  17. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  19. අයිලාස් ඇතුලු පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ!

    මම මෙහෙම කිව්වට ඉතින් අවුරුද්ද සුභ වෙයිද දන්නේ නැහැ ඒත් මම එහෙම කිව්වේ ඇත්තටම එහෙම වේවා කියලා හිතාගෙන :)

    ReplyDelete
  21. ඔබත් පවුලේ සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  22. අයිලාස්ටත් පවුලේ සැමටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  23. හැමෝටම ස්තුතියි, නැවතත් සැරයක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  24. අයිලාෂ්ටත් පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගී සුවදායක සුභ අලුත් අවුරුද්දක් වේවා! (ලයිට් බිල් එහෙම මීට වඩා වැඩි නොවේවා !)

    ReplyDelete
  25. ව්‍යාජත්වයෙන් ජීවත් වෙනවට වඩා අව්‍යාජත්වයෙන් ජීවත් වෙන එක කොච්චර හොඳද....?? ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා...!

    ReplyDelete
  26. අයිලාස්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  27. අර විකසිත කතාව නම් හික්..!!

    සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!

    ReplyDelete
  28. හික් හික් හික් හොඳට හෝදගෙනම එන්නකෝ.........

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  29. සුබ අනාගතයක් !! ඒ කියන්නෙ අනාගත්ත දෙයක් කාපන් කියන් එක වගෙයි ...

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...