Saturday, April 26, 2014

ෆෝකස් නොකර ෆොටෝ ගමුද?

මිට වසරකට පමණ කලින් ලියපු "-Focus  කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera" පොස්ට් එක මතකද? නැහැ නේද, කමක් නැහැ ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කොරලා එකත් බලාගෙනම එන්න. ඇත්තෙන්ම අද කියන්න යන්නේ ඒ පොස්ට් එකෙන් කියලා දුන්න Lytro Light Field කැමරා එකේ අලුත්ම නිෂ්පාදනය වන Lytro Illum කැමරා එක ගැන.

ඉතින් කලින් පොස්ට් එකේ තියෙන මුල් කැමරාව මතකයි නේද හරියට අර දත් බෙහෙත් පෙට්ටියක් වගේ එක.

නමුත් දැන් බලන්න ඒ කැමරාව දියුණු වෙලා තියෙන ආකාරය. මේ අලුත් Lytro Illum කැමරා එක බොහෝ දුරට බ්‍රිජ් කැමරාවකට සමානයි. 





මේ Lytro Illum කැමරාවේ තියෙන්නේ 1/3" ප්‍රමාණයේ  සෙන්සර් එකක්.  දැන් ඉතින් මගෙන් අහන්න එපා මොකක්ද මේ සෙන්සර් එක කියන්නේ? කියලා. මේ ගැන සම්පුර්ණ විස්තරයක් මිට කලින් කරලා තියෙනවා. "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් එකත් ගොහින් බලාගෙන දැනුම අලුත් කරගත්තොත් හොඳා.

දැන් මේ කැමරාවට zoom ලෙන්ස් එකක් ඇතුලත් කර තියෙනවා. මේ  ලෙන්ස් එක DSLR කැමරාවක ඇති මි. මි 30 - 250 දක්වා වන zoom ලෙන්ස් එකකට සමාන වන එකක්. නමුත් හොඳින් මතක තියාගන්න මේ තියෙන ලෙන්ස් එකේ තියෙන්නේ  මි.මි. 30 - 250 ප්‍රමාණයේ නාභි දුරක් නොව ඊට වඩා අඩු නාභි දුරක් බව. නමුත් සෙන්සර් එකේ ප්‍රමාණයන් වල වෙනස නිසා තමයි මේ සමාන තත්වයන් පෙන්වන්න හැකියාව තියෙන්නේ.මේ ගැනත් "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් පැහැදිලි කරලා තියෙනවා.

මේ කැමරාව මෙගාපික්සල් 5 ක එකක්. ඒ පමණක් නොවේ බොහෝ ඩිජිටල් කැමරාවල ඇති ISO priority, shutter priority, සහ full manual shooting යන  modes ඇතුලත් කර තියෙනවා. මෙම කැමරාවේ දර්ශන තලය අගල් 4ක touchscreen LCD එකක් වන අතර එය  800×480 pixel resolution සහිත වෙනවා.එමෙන්ම මේ කැමරාවේ මුදුකාංග දැන් Android මතද භාවිතා කල හැකි වෙනවා.

ඉතින් මේ සියලුම දේවල් වලට වඩා විශේෂිත පසුකම  වන්නේ ඡායාරුපය ගැනීමේදී ෆෝකස් නොකර එය සටහන්  කරගෙන පසුව තමන්ට කැමති ස්ථානයක් ෆෝකස් කරගැනීමේ ඇති සුවිශේෂී හැකියාවයි.

මේ වසරේ ජුලි මාසයේ මේ කැමරාව වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි මිළ ඩොලර් 1500 පමණ වනු ඇත. දැන් ඉතින් මේ කැමරාව මිල අධිකයි  කියලා මට බනිනවා එහෙම නොවෙයි.

39 comments:

  1. ආසයි නේ... අයිලා කාලෙකින් නොවැ දැක්කේ.. දැං ඩෙගා නටනවා හොරයි හොදේ...

    ReplyDelete
  2. අයියෝ අද කාලේ හැටියට ඩොලර් 1500 කියන්නේ මොකක්ද...:D?

    ReplyDelete
  3. අයියෝ 1500 ද මම හිතුවෙ ඊට වැඩිය ගණං වෙයි කියලනෙ. (ඩොලර් කියන කෑල්ල දැක්කෙ නෑ හොඳේ :D)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නට කෑලි පෙනෙන්නේ පස්සේ වගේ නේද?..

      Delete
  4. මෙහෙමහරි දෙයක් ලියල මේක පාලුවට යන එක නවත්වනවානම් හොදයි,
    අර ප්‍රදර්ශනේ ගැන ආයිත් යට යන්න කලින් කතා බහ කරලා වැඩේ කරමුද අයියේ.? තෑග්ගක් වගේ දෙනවනම් මමත් අනුග්‍රහයක් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. ඊළඟ පොස්ට් එකෙන් ප්‍රදර්ශනේ තියෙන හැටි කතා කරමු.

      Delete
  5. අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4250 වෙන නිසා ඕකෙන 1500 ක් ගියාට කමක් නෑ අප්පා

    ReplyDelete
  6. දැන් ටික කාලෙකට කලින් litro light field කමරාව ගැන හොයන්න වෙලා මම අයියා ලියපු පෝස්ට් එක කියෙව්වා....
    හැබැයි ඒ කැමරාවට වඩා නම් මේක හැම අතින්ම හොඳයි වගෙ...මට මතක විදිහට කලින් එක 1MP නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් චම්ස් මේක ඊට වඩා ගොඩක් දියුණු කරලා තියෙන්නේ.

      Delete
  7. ඔය මාධ්‍යෙව්දින්ට එහෙම මේක හෙන ප්‍රයොජනවත් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නමුත් මේක බුලට පෘෆ් නැහැ, ෂෝක් පෘෆ් නැති නිසා පොලවේ ගැහුවට කමක් නැතිද මන්දා...:)

      Delete
  8. කාලෙකිං පෝස්ට් එකක් ලියල..
    DSLR එහෙකට වැඩිය ගණං නොවැ මේක...

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ .. DSLR ලෙස්න්ස් ටිකත් එක්ක ගන්නකොට මිට වඩා වැඩියි. සමහර DSLR බොඩි එක පමණක් උනත් මිට වඩා මිලයි.

      Delete
  9. අයියෝ එක්දාස් පන්සීයනම් මොනාද මචං. උඹට මොකද ලොක්කා වෙලා තියෙන්නේ?

    මේකම නොවන බව දන්නවා, නමුත් මෙතනට ගැලපෙන නිසා කියන්නම්.

    මගේ සෝනි එක්ස්පීරියා ෆෝන් කට්ටේ කැමරාවෙන් ෆෝටෝ ගනිද්දී ෆෝකස් කරන්න ඕනෙ දේ ටච් කරලා සිලෙක්ට් කරන්න පුලුවන්. විඩෝස් එයිට් වන් එක්ක එන Photos කියන ප්‍රෝග්‍රැම් එකේ ගත්ත ෆෝටෝවේ කැමති තැනකට ෆෝකස් කරලා අනිත් හරිය බොඳ කරන්න පුලුවන්.

    නැවත වතාවක්. මේ උඹ කියන එකම නෙවෙයි කියලා දන්නවා.

    හුටා ඩොලර්ස් නේ :-O

    ReplyDelete
    Replies
    1. මට මක්කා වෙලා කියලද උඹට හිතෙන්නේ ලොක්කා..

      ඉතින් බන් ඕන කැමරාවක් එහෙම තමයි තමන්ට කැමැති තැන ෆෝකස් කොරන්න පුලුහන්. නමුත් මේකේ තියෙන්නේ එහෙම නැතිව ෆොටෝ එක අරන් පසුව සොෆ්ට්වෙයාර් එකෙන් ඕන තැනක් ෆෝකස් කරගන්න එක.

      Delete
  10. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. මෙන්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් ගොඩවෙන්නම් ..

      Delete
  11. ආයේ නම් ඩොලර් 100ට දුන්නත් වෙන කැමරා නම් ගන්නේ නෑ . . ඒත් වෙලාවක් හම්බ උනොත් ගත්තු කැමරා එකෙන් වැඩක් ගන්න ඕන කියලා නම් හිතාගෙන ඉනවා . .ඒත් ඊට කලින් ඒ කැමරාව ගැන ඉගෙන ගෙන ඉන්න එපැයි . . බලමු ඉස්සරහට තව අවුරුද්දකින් විතර පස්සේ පොඩි නිවාඩුවක් හම්බවෙයි කියලා හිතෙනවා . .

    ReplyDelete
    Replies
    1. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ...

      උඹට මම තේරෙන සිංහලෙන් කිවා ඔහොම වෙයි කියලා. දැන් ඕක පාවිච්චි කරන්නේ නැතිව තියලා නිකන්ම සවුත්තු වෙලා යනවා.

      Delete
  12. අයිලාෂ්ව ෆෝකස් කරගන්න විදිහක් නැතුව හිටියේ. කොහෙද ගිහින් හිටියේ..

    ReplyDelete
    Replies
    1. එක තමයි මචෝ මේ ෆෝකස් කරගන්න ලේසි කැමරාවක් දුන්නේ..

      Delete
  13. කාලෙකින් මේ පැත්තේ ආවේ.

    ReplyDelete
    Replies
    1. මමත් ආවේ කාලෙකින්... :)

      Delete
  14. මට දැන් තමයි මීටර් උනේ. අයිලාස් කියන එක අනිත් පැත්තට ලිව්වාම එන්නේ සාලිය කියල නේ...

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තට ලියන්න එපා සයුරි..

      Delete
  15. බොහොම කාලෙකින් තවත් අගනා සටහනකුත් එක්කම ඇවිත් ආ...

    ReplyDelete
  16. දැන් එතකොට එහෙන් මෙහෙන් කරකොලා ෆෝකස් කරන්න ඕන නෑ. ගත්තා ගැහැව්වා. :)

    අර ඡායාරූප තරඟයත් හොඳ අදහසක්.

    ReplyDelete
    Replies
    1. ඡායාරුප තරගයක් නෙවේ ගිහාන් මම උත්සාහ කරන්නේ කට්ටිය එකතුකරගෙන අන්තර්ජාලයේ ප්‍රදර්ශනයක් කරන්න.

      Delete
    2. ඒක හොඳයි, මමත් පුළුවන් විදිහට වැඩේට සම්බන්ධ වෙන්නම්.

      Delete
  17. Nokia Lumia 1020 එකේ DSLR ෆැසිලිටි එක තියෙනවා. පොඩ්ඩක් එකෙන් වැඩ ගන්නා හැටි විස්තරයක් දාන්න පුළුවන් නම් ? මම දන්නා කීප දෙනෙකුට දුන්නා. හරියට ෆොටෝ එකක් ගත්තේ එකයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් හරියට දන්නේ නැහැ සුදික.

      Delete
  18. මගේ කැනොන් 18-55 කිට් ලෙන්ස් එකේ ඔටෝ ෆෝකසින් වැඩ කරන්නේ නෑ... ඒක හදන්න පුළුවන් ලෙඩක් ද? මේ වගේ පොටෝ එක ගත්තට පස්සේ ෆෝකස් කරන්න පුළුවන් ලෙන්ස් වල වටිනා කම තියෙන්නේ ඔය අම්මලට වගේ කැමරාව දීල අපේ ෆෝටෝ අර ගන්න කියන කොට.. එයාල ඩිස්ප්ලේ එකෙන් රූපේ දැක්ක ගමන් එබුවා ගත්ත ෆෝකස් කැලේ... :)

    ReplyDelete
    Replies
    1. ඔය කැනොන් කිට් ලෙන්ස් එකේ තියෙන ලෙඩක් තමයි. එක නිසාම තමයි මම නිකොන් වවලට ගියේ. මම හිතන්නේ ඕක හදාගන්නවට වඩා අලුත් එකක් ගන්න එක ලැබ වේවි.

      පැතුම් මේ ප්ස්ට්ර් එකෙන් කතා කරේ ෆොටෝ එක අරන් පසුව ෆෝකස් කරන්න පුවන් කැමරාවක් ගැන මිසක් ලෙන්ස් එකක් ගැන නොවේ. මේ කැමරාවේ තියෙම්න්නේ වෙනමම තාක්ෂණයක්.

      Delete
  19. කෝ මං දාපු කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. මම ස්පෑම් වලත් බැලුවා එහෙම එකක් නැහැ මානෙල්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...